Founded in 1814 as a small school and later develop as a high school in 1869. Early Buona-vista school was based on English education system. At that time it was a well-known school among the prestigious schools in the southern Sri Lanka. Some of the characters from the school became great personalities in Sri Lanka got their Primary education from this school and it was the main cause for being well-known. Few of those great persons are the great writer Martin Wickramasinghe, Mr.Senarath Paranawithana who was celebrity character of archaeological field and Mr.Abdhul Gayum who is former President of Maldives.

ක්‍රි:ව: 1814 දී ඉතා සුළුවෙන් ආරම්භ කළ, පසු කාලීනව වැඩි දියුණු කළ පාසැලක් බවට, පත්වන්නේ 1869 දීය. මුල් කාලයේ ඉංග්‍රීසි අධ්‍යාපනය මුලික කරගත් බොනවිස්ටා පාසල. ඒ කාලයේ මේ පළාතේ තිබු ප්‍රකට පාසැලක් විය. මෙය වඩාත් ප්‍රසිද්ධියට පත්වුයේ අපේ රටේ ශ්‍රේෂ්ට චරිත කිහිපයක් මුලික අධ්‍යාපනය මේ පාසලෙන් ලබාගත් නිසාය. මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ සූරින්, පුරාවිද්‍යා ක්ෂේත්‍රය සම්බන්දයෙන් කීර්තිමත් චරිතයක් වූ සෙනරත් පරණවිතාන මහතා සහ මාලදිවයින හිටපු ජනපති අබ්දුල් ගයුම් මහතා ඉන් කිහිප දෙනෙකි.

යටත් විජිත යුගවලදී අවශ්‍ය සේවකයින් බිහිකර ගැනීමටත්, විදේශික නිළධාරීන්ගේ ළමුන්ට අධ්‍යාපනය ලබාදීමටත්, ආගමික ප්‍රචාරය සදහාත් පාසල් බිහි කර ඇත. මෙම පාසල් පැරිස් පාසල්, සෙමෙනේරි පාසල්, මිෂනාරි පාසල්, ඇකඩමි, ද්විභාෂා පාසල් ආදි විවිධ නාමකරණයන් යටතේ පහසුව සදහා වරින් වර වෙනස් වීම්වලට හසුවී ඇත. මෙම පාසල 1747 ලිඛිත සාධක ඇතත් ඉන් එපිට ඇරබි බව ඇතැමුන්ගේ විශ්වාසයකි. 1910 පමණ වනවිට ප්‍රධානම අධ්‍යාපන ආයතනයක් ලෙස පැවති අතර 1932 කාලය වන විට ඉංග්‍රීසි පිරිමි පාඨමාලාව ලෙස භාවිතා කර ඇත. ලෝක ප්‍රකට උගතුන් විද්වතුන් ප්‍රමාණයක් විවිධ කාලවලදී බිහිවී ඇත. මෑත අවුරුදු 20 ක පමණ කාලය තුල එවැනි තත්ත්වයක් දක්නට නොමැති අතර අද වන විට ප්‍රදේශයේ හුදකලාව කාලයට ඉඩ දී බලා සිටින පාසලකි.